පුතෙකු විසින් සිය පියා ඝාතනය කරයි...

 



මාවනැල්ල - මාකෙහෙල්වල ප්‍රදේශයේදි පුතෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පියා ඝාතනය කර තිබේ.


පොලීසිය පැවසුවේ ඊයේ (25) රාත්‍රීයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.


පියා සහ මව අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඔවුන්ගේ පුතා විසින් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකු වේ.


අත්අඩංගුවට ගත් තරුණයා 20 හැවිරිදි වියේ පසුවන අයෙක් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.


Post a Comment

0 Comments