මුදල් නාස්තියක් විගණන වාර්තාවකින් එළිවෙයි...

 

ව්‍යාපෘති සඳහා ලබාදුන් ණය මුදල් නිසි කලට නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් ණය ලබාදුන් විදේශ ආයතනවලට බැඳීම් ගාස්තු ලෙස රුපියල් කෝටි 3,300කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි අනාවරණ වේ. 


2021 විගණන වාර්තාවෙන් මේ බව අනාවරණය වී ඇත.


විදේශ ණය ආධාර යටතේ 2014-2016 කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති වෙනුවෙනුය් මෙලෙස බැඳීම් ගාස්තු ගෙවීමට සිදුවී ඇත.


එය විදේශ මුදල් අනුව අමෙරිකන් ඩොලර් 93,175,883ක්, යූරෝ 1,328,347 ක් හා රෙන්ම්බින් යුවාන් 70,213,890ක් බව 2021 විගණන වාර්තාවේ දැක්වේ.


මෙම මුදල් ගෙවනු ලබන්නේ ණය වාරිකවලට අමතරව වන අතර, එසේ බැඳීම් ගාස්තු ගෙවීමට සිදු වූ ව්‍යාපෘති විවිධ හේතු මත 2020 වසර අවසන් වනවිට ද නිම කිරීමට නොහැකිව තිබූ බවද අදාළ ව්‍යාපෘතියේ සඳහන් ය.


විගණන වාර්තාවට අනුව මෙලෙස බැඳීම් ගාස්තු ගෙවීමට සිදුව ඇත්තේ, බෙලිඅත්ත සිට වැටිය දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට, නාගරික සෞඛ්‍යාරක්ෂණ සහ සනීපාරක්ෂණ මුල පිරීම් ව්‍යාපෘතියට, අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය, ආනමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හා විසල් මාලතේ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා ලබාදුන් ණය මුදල්වල ප්‍රයෝජනයට නොගත් මුදල් ශේෂය වෙනුවෙනි.

Post a Comment

0 Comments