15 හැවිරිදි සිසුවෙකු පදිංචිව සිටින නිවෙසට ගොස් ඔහුගේ මුහුණ සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුලගොඩ නියෝග කළේය
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ සිසුවා ගේ පන්ති භාර ගුරුතුමිය ලෙස කටයුතු කරන ඉතිහාසය විෂය උගන්වන හොරණ තක්ෂිලා උයන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි තිදරු මවකි.
අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර ඔහු පුංචි අම්මා සමඟ වාසය කර ඇතැයි පොලිසිය කියයි.
ඉකුත් පස් වෙනි දින සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි කියයි.
පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇය නොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.
ඇයගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ” සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ” ඔයා ගාව හරි සුවඳයි” ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව සිසුවාගේ පුංචි අම්මා ඒ බව විදේශගතව සිටින සොයුරියට දැනුම් දීමෙන් අනතුරුව ඇය දින කිහිපයක් තුළදී මෙරටට පැමිණ මොරගහහේන පොලිසියට සහ හොරණ අධ්‍යාපන කාර්යාලය පැමිණිලි කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව චෝදනා ලත් ගුරුවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පාසලක් වෙත මාරු කර යැවීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබිණි.
පැමිණිල්ල ලද වහාම අදාළ සිසුවා හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.
සැකකාර ගුරුවරිය විසින් සිසුවාට පසුගිය කාලය පුරා විවිධ ආහාර වර්ග ද ලබා දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
චෝදනා ලත් පාසල් ගුරුවරියට අද දින මොරගහහේන පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
0 Comments