දකුණු අප්‍රිකාව සමග පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පැවැති පළමු තරග දෙකම ජය ගැනීම හමුවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි විය.
ඔවුන් මේ වන විට සහභාගි වූ තරග 14කින් 10ක් ජයගෙන ප්‍රසාද ලකුණු 132කට හිමිකම් කියා තිබේ.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාව සහභාගි වූ තරග 14කින් 08ක් ජයගෙන ප්‍රසාද ලකුණු 99කට හිමිකම් කියා තිබේ.
එහි තෙවැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාව සහභාගි වූ තරග 10කින් 5ක් ජයගෙන 4ක් පරාජය වී එකක් ජයපැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටී.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ තරගාවලිය යටතේ ලබන වසරේ මාර්තු මාසයේ නවසීලන්තය සමගින් ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට ඉතිරිව තිබේ.


0 Comments