බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි තොරතුරු වාර්තා වනවා.
මෙම ජාවාරම අනාවරණය වී ඇත්තේ, මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිල දී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබිය දී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන්නේ
0 Comments