නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ මදම්පෙරුම ආරච්චිගේ සඳුන් නින්සර සිසුවායි. ( මියගිය සිසුවා නිවුන් සහෝදරයන් දෙදෙනකුගෙන් අයෙකි)
පෙරේදා 30 දහවල් මියගිය සිසුවාගේ මව අනෙක් නිවුන් දරුවා සමග ජයවර්ධනපුර රෝහල කරා අවශ්‍යතාවයක් සඳහා ගොස් තිබූ, අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.නිවසේ සිට ඇත්තේ මියගිය දරුවා පමණක් බවත් පොලිසිය කියයි
දහවල් යාබද නිවසක පදිංචි පාසලේ මිතුරකු නිවසට පැමිණ මිය ගිය සිසුවාට පවසා ඇත්තේ කෙටි සටහන් ටික දමාගෙන ඉන්න මම දවල්ට එන්නම් පාඩම් කරන්න කියාය. නමුත් ඔහුගේ ඥාතියෙකු පැමිණීමේ හේතුවෙන් එම අවස්ථාවේ පැමිණීමට නොහැකි වී ඇති අතර දහවල් 11 ට පමණ පැමිණ පවසා ඇත්තේ සවස තුනට පමණ එන්නම් කියාය.
පසුව දවල් 2.45ක් පමණ නිවසට පැමිණීමේ දී නිවසේ ඉදිරිපස ගේට්ටුව වසා තිබී ඇති අතර නිවසේ දොර විවෘත කර තිබූ හෙයින් නිවස තුලට ගොස් කාමරය තුල සොයා බැලීමේදී රූපවාහිනිය ක්‍රියාත්මක හා විදුලි පංකාව ද ක්‍රියාත්මකව තිබී ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.
නිවෙසේ සෑමතැනකම ඔහු සොයා බැලුවද නොසිටීම හේතුවෙන් අවට පදිංචිකරුවන්ට ද පවසා සිසුවා සොයා ඇති අතර පසුව පියාටද දුරකථන ඇමතුමක් ලබාදී පැවසීමෙන් අනතුරුව පියාද නිවසට පැමිණ දරුවා සොයමින් සිටියදී මෝටර් රථයේ ඉදිරිපස වම් පස අසුනේ දොරට හේත්තු වී ඒ තුළ සිහි විසඥව වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.
සිසුවා ගේ පාද දෙක රියැදුරු අසුන මත තිබී ඇතැයි ද ඒ වන විට මෝටර් රථයේ සියලුම දොරවල් ස්වයංක්‍රීයව වැසි තිබී ඇතැයි පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ පියා යකඩ ඉන්නක් ගෙන වීදුරු කැඩීම උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වීම හේතුවෙන් මෝටර් රථයේ යතුර මතක් වී දොර විවෘත කර ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී සිසුවා ගේ මුවින් සෙම වැගිරී ඇති අතර අධික ලෙස දහඩිය ශරීරය පුරා තිබී ඇති අතර සිරුර අධික රස්නයෙන් යුතුව තිබී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
පසුව සිසුවා වහාම පිළියන්දල දිසා රෝහල වෙත රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබාදී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ(01) සවස මියගොස් තිබූ බව පොලිසිය කියයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් ද පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර ඇඟිලි සටහන් නිලධාරීන් ද පරීක්ෂණ පවත්වා ත්බේ.
මෝටර් රථය රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව පොලීසිය කියයි.
0 Comments