ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන කාන්තාවන්ට රැකියාවල නිරත වීම තහනම් කිරීමට තලෙයිබාන් පාලනය කටයුතු කර තිබේ.
ඉස්ලාමීය පාලකයින් පවසන්නේ රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩලය හිජාබය නොපැළදීමෙන් සහිරා නීතිය කඩකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.
ආර්ථික අමාත්‍යාංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිපියකින් එම නියෝගය දැනුම් දී ඇති බව වාර්තා වේ.
නියෝගය අනුගමනය නොකරන්නේ නම් සංවිධානවල බලපත්‍ර අවලංගු කරන බවද ලිපියෙහි සඳහන්ව තිබේ.
මෙම නියෝගය එක්සත් ජාතීන්ගේ ද අප්‍රසාදයට ලක් ව තිබේ.
තලෙයිබාන් රජය මෙම නියෝගය නිකුත් කළේ එරට කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමෙන් දින කිහිපයකට පසුවය.
රාජ්‍ය බලය තමන් යටතට ගැනීමෙන් පසු තලෙයිබාන් පාලනය සපථ කළේ, කාන්තා අයිතීන් සුරැකීමට තමන් කැපවන බවය.
එහෙත් දුන් පොරොන්දු කඩකරමින් කාන්තා අයීතින් සහ නිදහස කඩ කිරීමට ඔවුන් මෙලෙස කටයුතු කරමින් සිටී.

0 Comments