ජායා පර්යන්තයේ කටයුතු නැවත අරඹන්න උපදෙස්....

 

මේ වනවිට වැඩ නැවතී ඇති ජායා පර්‍යන්තයේ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙසට වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උපදෙස් ලබා දී තිබේ.


ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතිය ඇති ඉපැරිණිම පර්යන්තය වන ජායා පර්යන්තයේ පුළුල් කිරිමේ සංවර්ධන කටයුතු නැවති ඇති බැවින් එය වහාම කඩිනම් කරන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.


ජායා පර්යන්තයේ සිදු කරන ලද හදිසි නිරීක්ෂණයකදී ඔහු මෙම උපදෙස් ලබා දී ඇත.


එම සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු වල ප්‍රමාදයන් ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා මුහුද පිරවීමේ සහ පර්යන්තය ඉදිකිරීමේ කටයුතු බාර දී ඇති චීන සමාගම වහාම කැදවා ගිවිසගත් දින වකවානු වලට මෙම ව්‍යාපෘතිය නිම කරන ලෙසට දන්වන ලෙස අමාතයාංශ ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබීය.

Post a Comment

0 Comments