අමෙරිකාවේ ප්‍රභල භූ කම්පනයක්...

 

රික්ටර් මාපකයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ඇමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලට බලපෑම් එල්ල වී තිබේ.


භූමි කම්පාව හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තුවාල ලබා රෝහලගත කළ ගණන 11 කි.


නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදුවිය.විදෙස් මාධ්‍ය වාර්තා කළේ 70,000 ක් දෙනා විදුලිය බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවය.


ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පසු කම්පන 80 ක් පමණ හටගත් බව ද පැවැසෙයි. ප්‍රධාන භූමිකම්පාව හටගත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිට කිලෝ මීටර් 350 ක් දුරිනි.


අධිවේගී මාර්ග ද ඇතුළු මාර්ග රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇතැයි ද වාර්තා වේ.

Post a Comment

0 Comments