ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර වීසා ගැන නිවේදනයක්...

 



ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කර තිබේ.


2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙය සිදුකළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බැංකොක් හි නිත්‍ය දූත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.


ඒ සඳහා අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි කොළොන්නේ සහ කාම්බෝජ රාජධානියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් කොයි කුවෝන්ග් අතර අත්සන් කර තිබේ.

Post a Comment

0 Comments