ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ නම් එරට ශ්‍රී ලංකාව තුළ පවතින ඖෂධ හිගය සැලකිල්ලට ගන්නැයි ඇමරිකා එක්සත් ජනපදය පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අවශ්‍ය වන ඖෂධ රැගෙන පැමිණෙන ලෙසයි.
කොළඹ නගරයෙන් පිටත වෛද්‍ය පහසුකම් සීමා සහිත බවත් කොළඹ නගරයේ පවා ප‍්‍රධාන රෝහල් ඇත්තේ හයක් පමණක් බවත් පවසන එම නිවේදනය එම රෝහල්වලද හදිසි අනතුරු ඒකක ඇත්තේ රෝහල් තුනක පමණක් බවත් දැනුම් දී තිබේ.
0 Comments