ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය...

 

ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 670 අතුරින් දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ රැසක් ඇති බැවින් එම භාණ්ඩවල හැර අනෙකුත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ.


අමාත්‍යවරයා පවසන්නේ, රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465 ක් සඳහා ආනයන සීමා පැනවුවද, මේ වන විට ඉන් භාණ්ඩ 795 ක ආනයන සීමා ඉවත් කර ඇති බවයි.


කටුව රහිත පොල් මද , වෙසක් කූඩු, සරුංගල්, උණ බට ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ තවදුරටත්, බහුලව අසීමාන්තිකව ගෙන්වීමට කටයුතු කරනවාද? නොඑසේ නම්, දේශීය වශයෙන් නිපදවනවාද? යන්න සකසා බලන ලෙසද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් ඉල්ලා තිබේ.

Post a Comment

0 Comments