කොම්පඤ්ඤ වීදිය ආරක්ෂක සේවා විද්‍යාලයේ සිසුවෙකුට එම විද්‍යාලයේ තවත් සිසුන් දෙදෙනකු සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසයි.
එලෙස රෝහල්ගතව ඇත්තේ පන්නිපිටිය රුක්මල්ගම පදිංචි වයස අවුරුදු 15 ක පමණ සිසුවෙකි.මේ වන විට එම සිසුවා හෝමාගම මූලික රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
අද(20) එම සිසුවා විද්‍යාලයේ සිටියදී 11 වසර සිසුන් දෙදෙනකු පැමිණ තමන්ට පහර දුන් බවත් ඒ හේතුවෙන් තමන්ගේ හිස ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයක්ම වේදනාවෙන් පෙළෙන බවත් ඔහු කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
එම සිසුවා අද සිය මව සමඟ රෝහලට පැමිණ ප්‍රතිකාර සඳහා ඇතුළු වූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
පහරදීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත
අදාළ සිසුවා කරන ලද පැමිණිල්ල අනුව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

0 Comments