විදුලිබිල වැඩිකිරීමට එරෙහිව හැට නව ලක්ෂයක පෙත්සමක්...

 

අසාධාරණ ලෙස විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ලබන මස 02 වනදා හැටනව ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.


එහි සභාපති එම්. ජී. ආර්. අතුල කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.


මේ අතර ජනවාරි 02 වනදා පැය 02 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.


ඒ අනුව දිවා කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය 01 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.


මේ අතර මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ හෙට සහ අනිද්දා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

Post a Comment

0 Comments