සිය පුතාගේ දොලොස්වන උපන්දින පානදුර වෙරලේ සෙල්ලම් කරමින් සිටී දෙදරු පියෙකු රළපහරට හසුව ගසාගෙන යමින් සිටියදී නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් බේරාගෙන තිබේ.
මෙසේ දිවි ගලාවාගෙන ඇත්තේ පානදුර , කිරිබේරිය, ගල්පොත්ත පාර ලිපිනයේ පදිංචිව සිටී 34 හැවිරිදි දෙදරු පියෙකි.
මාතර කොළඹ පෞද්ගලික බසයක රියදුරෙකු ලෙසින් රාජකාරි කරන ඔහු සිය වැඩිමල් පුතුගේ දොලොස්වන උපන්දින නිමිත්තෙන් බිරිඳ සහ දරු දෙදෙනා සමග පානදුර වෙරළට පැමිණ වෙරලේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
"පුතාලා බිරිඳ සමග වෙරලේ සෙල්ලම් කරමින් සිටියා. පුතාගේ බෝලය මුහුදට ගහගෙන ගියා.මම බෝලය අරන් ගොඩට එන්න උත්සහ කලා. ඒත් රළ පහරට මුහුදට ඇදී යන බවට මට තේරුණා. පස්සෙන් ගියා. හිටියා. නාවික හමුදාවේ මහත්වරු ආවේ නැත්නම් මගේ ජීවිතය ඉවරයි."යනුවෙන් ඔහු සඳහන් කළේය.
0 Comments