පොල් වගාව වනසන සුදු මැස්සා...

 

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක පොල් වගාවන් ආශ්‍රිතව සීග්‍රයෙන් ව්‍යාප්ත වන සුදු මැස්සා නම් කෘමියෙකු නිසා පොල් වගා කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.


මෙම කෘමි උවදුරෙන් සිදු වන හානිය අවම කර ගැනීම සඳහා පොල් පර්යේෂණ ආයතනය කෘමිනාශක ආශ්‍රිත නිර්දේශ කිහිපයක් අද ඉදිරිපත් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.


පොල් වගාව තුළ සුදු මැස්සා නම් මේ කෘමි උවඳුර සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින්නේ මාස කිහිපයක සිටයි.


සුදු මැස්සාගේ බලපෑමෙන් පොල් ගස් සම්පූර්ණයෙන්ම විනාශ වන බවත් ඉදිරියේදී පොල් ඵලදාව අඩු වීමේ අවදානමක් ද පවනින බවයි පොල් වගාකරුවන් ප්‍රකාශ කරන්නේ.


මේ කෘමි විශේෂය පොල් ශාකයේ පත්‍ර වලට ඇතුළු වන අතර එම කාමීයන්ගේ බහිස්ස්‍රාවී ද්‍රව්‍ය නිසා පොල් ගෙඩි හා ගොබය විනාශ වී පසුව පොල් ගස ද සම්පුර්ණයෙන් විනාශ වන බව ද ඔවුන් පවසයි.


මෙම ගැටලුව සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කළ ද ඔවුන්ගෙන් නිසි විද්‍යාත්මක විසඳුමක් ලබා නොදෙන බවටත් පොල් වැවිලිකරුවන් චෝදනා කරති.

Post a Comment

0 Comments