සුෂුම්නා ආබාධයෙන් පෙළෙන, ආර්ථික ශක්තියක් නොමැති නිරෝගී අයගේ ශාරීරික ආධාර උපකාර නොමැති රෝගීන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලමින් ඔවුන් රැකබලා ගැනීම සඳහා මහනුවර මූලස්ථානයකොට ආයතනයක් පිහිටුවා ඇත.
පරාඝාත නොහොත් සුෂුම්නා ආබාධිතයන්ට ප්‍රතිකාර ලබාදීමේ ආයතනයක් පරාඝාත නොහොත් සුෂුම්නා ආබාධිතයන්ට දයාව දැක්වීමේ ආයතන ලෙස මෙය පිහිටුවා තිබේ.
මහනුවර හා දිගන ආරෝග්‍යශාලාවලින් හඳුන්වා දෙන සුෂුම්නා ආබාධිත රෝගීන් භාරගෙන ඔවුන් රැකබලා ගැනීම සඳහා වැඩපිළිවෙළක් මෙම ආයතනය මගින් ක්‍රියාත්මක කරයි.
රාජ්‍ය නොවන ආගමික නොවන දේශපාලනික ද නොවන මෙම ආයතනය සුෂුම්නා ආබාධිත රෝගීන් වෙනුවෙන්ම පිහිටුවනු ලැබූ පුණ්‍යාතනයකි.
කාරකසභා සහිත නිලධාරි මණ්ඩලයක සහ විධායක මණ්ඩලයක් පාලනය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය ස්වේච්ජාවෙන් වැඩ කරන සාමාජිකයන්ගෙන් සමන්විතය.
මෙම ආයතනය අංක 66 නාගහඇල්ල පාර, මාවිල්මඩ, මහනුවර යන ප්‍රදේශයේ පිහිටා ඇති අතර www.nipsl.org වෙබ් අඩවිය සහ Facebook https://www.facebook.com/National-Institute-for-the-Care-of-Paraplegics-Sri-Lanka-NIPS-122090123712061 හරහාද මෙම ආයතනය සමග සම්බන්ධ විය හැකියි.
එසේම 0777786242 යන දුරකථන අංකය ඔස්සේ මෙම ආයතනයේ භාණ්ඩාගාරික අමතා ආයතනයට ලබා දෙන පරිත්‍යාග පිළිබඳව සාකච්ජා කිරීමේ හැකියාව පවතියි.


0 Comments