ජනවාරි මාසයේ සිට තිරිඟු පිටි හා සීනි ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බව ආනයනකරුවෝ පවසති.
පසුගිය කාලයේ තිරිඟු පිටි අධික ලෙස ආනයනය කිරීම නිසා මේ වන විට ව්‍යාපාරිකයන් පිටි ඇණවුම් කිරීම නතර කර ඇත. මේ නිසා යළිත් පිටි හිඟයක් මතුවීමෙන් මිල ඉහළ යා හැකි බව වාර්තාවේ. ඊට අමතරව ආනයනික සහල් තොග පැවතීමත්, සහල් ආනයනය කිරීම දෙසැම්බර් 9 දින තහනම් කළද ඇණවුම් කළ සහල් 23 වෙනි දින දක්වා ගොඩබෑමට අවස්ථාව ලබා දුන්නේය.
මේ අනුව පිටි සඳහා ඇති ඉල්ලුම අඩුවීම නිසාද යළි ආනයනකරුවන් පිටි ඇණවුම් කර නොමැත.
මේ අතර සීනි මිලද ශීඝ්‍ර ලෙස ලෝක වෙළෙඳපොළේ ඉහළ යාමත්, ඒ නිසාවෙන් ඉන්දියාවද යළිත් සීනි අපනයනයට සීමා පැමිණවීමත් යන කරුණු නිසා වෙළෙඳපොළේ සීනි මිල යළිත් ඉළ යා හැකි බව සඳහන් වේ.
මීට අමතරව ලෝක වෙළෙඳපොළේ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන අල, ලූනු, පරිප්පු, සුදු ලූනු ආදියේද මිල ඉහළ යා හැකි බව ව්‍යාපාරිකයෝ පවසයි.
0 Comments