අඩු පීඩන කලාපය දිවයිනේ බටහිර වෙරළ දෙසට...

 



පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද දින (26) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමගම අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමගින් සිදුවූ බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ. 

මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Post a Comment

0 Comments