නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
දුෂණ අක්‍රමිකතා සම්බන්ධව දැඩි උනන්දුවෙන් කටයුතු කරනු ලබන රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් ව එහිදී අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණි.
නව පනත් කෙටුම්පත පිළිබදව අධිකරණ අමාත්‍යවරයා විසින් එම ආයතන නිලධාරීන් දැනුවත් කළ අතර වංචා දුෂණ සිදුවීම වැළැක්වීම සඳහා රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් විසින් අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කරන ලදී.
දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පදනම් කර ගනිමින් නව පනත සකස් කර ඇති අතර, මෙම සාකච්ඡාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පිරිස් යන පිරිස ඇතුළු සාධාරණ සමාජයක් සදහා වු සඳහා වු ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය නියෝජනය කරමින් නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කළ නිලධාරීන් ද අද (19) පැවති එම සාකච්ඡාවට එක්විය.
මෙම පනත් කෙටුම්පත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න ඇතුළු විද්වත් කමිටුවක් විසින් සකස් කර ඇති අතර එය මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

0 Comments