පානදුර දකුණු පොලිසියට අනුයුක්තව රාජකාරි සඳහා යොදවා ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු එම ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේ වැසිකිළි තුළ ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පොලිස් අධිකාරි කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරි සඳහා යොදවා ඇති කොස්තාපල්වරයෙකි
පානදුර දකුණ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු හැඳ සිටි කොට කලිසමේ කුඩා ගංජා පාර්සලයක්, දම් පාට ලයිටරයක් සහ අග කඩන ලද දුම්වැටියක් සොයා ගැනීමෙන් අනතුරුව තවදුරටත් ඔහුගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී කුඩා ගංජා පාර්සලයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.jpg)
0 Comments