විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ලබාගෙන ජංගම දුරකථන යෙදවුමක් මගින් බැංකු ගිණුම්වලින් රුපියල් කෝටියකට අදික මුදල් ප්‍රමාණයක් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ නිලධාරීන් සමත් වුණා.
ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂ හා බුද්ධි එකකයට පැමිණිලි 12ක් ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.

0 Comments