2015 වසරට සාපේක්ෂව 2021 වසරේදී මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගත ව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වූ සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි.
අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2015 වසරේදී මත්ද්‍රව්‍ය භාවිත කිරීම චෝදනාවට බන්ධනාගාරගත ව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වූ සිසුන් සංඛ්‍යාව 2600ක් වන බව ය.
එමෙන් ම 2021 වසරේදී එම චෝදනාව යටතේ බන්ධනාගාරගත වෙමින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වූ සිසුන් සංඛ්‍යාව 5000 වඩා වැඩි අගයක් වාර්තා වූ බවයි ඔහු සඳහන් කළේ ය.
එමෙන්ම චන්දන ඒකනායක වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, අවුරුදු 16ත් 22ත් අතර වයස් කාණ්ඩයේ පසු වන්නන් මෙලෙස බන්ධනාගාරගත වීම ඉහළ ගොස් ඇති බවටයි

0 Comments