පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට...

 



බණ්ඩි පොහොර මෙට්‍රික්ටොන් 40,000 කට අධික ප්‍රමාණයක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දුවී තිබේ.

මෙට්‍රික්ටොන් 41,678 ක පොහොර තොගයක් රැගත් අදාළ නෞකාව ඊයේ (02) රාත්‍රියේ කොළඹ වරායට ළඟාවූ අතර එහි පොහොර ගොඩබෑමේ කටයුතු අද (03) පස්වරුවේ ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

මීට අමතරව ලෝක බැංකු ණය වැඩසටහන යටතේ යූරියා මෙට්‍රික්ටොන් 16,000 ක් රැගත් නෞකාවක් ද අද කොළඹ වරායට පැමිණ ඇත.

මේ අතර අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත ලබාදීමට නියමිත යූරියා පොහොර තොගය ගොඩබෑමේ කටයුතු ද මේ වනවිට සිදුකෙරෙන බව වාර්තා වෙයි.

Post a Comment

0 Comments