කොළඹට එන රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්...

 

නෙළුම් කුලුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විවිධ වැඩසටහන් කිහිපයකට අදාළව රථවාහන ගාල් කිරීමේ ස්ථාන දැනුම්දෙමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ (19) සිට එළඹෙන 28 වනදා දක්වා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් නෙළුම් කුලුණ ආශ්‍රිතව විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර ඒ සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා පහත ස්ථානවල අවස්ථාව හිමිවේ.

ලේක් හවුස් ඉදිරිපිට රථගාල (මුදල් ගෙවීම සිදුකළ යුතුය), කැප්ටන් ගාර්ඩ්න් කෝවිල් රථගාල, ඩී ආර් විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථවාහන නැවතුම් ස්ථාන.

එසේම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ආශ්‍රිතව ඊයේ (19) සිට දෙසැම්බර් 31 දක්වා පැවැත්වෙන වැඩසටහන්වලට අදාළව පහත ස්ථානවල රථවාහන ගාල් කිරීම සඳහා අවස්ථාව හිමිවනු ඇති.

MOD රථගාල, ගාලුමුවදොර ගාලු මැද පාරේ රථවාහන නැවතුම් ස්ථානය සහ නව බාලදක්ෂ මාවතේ රථවාහන නැවතුම් ස්ථාන.

ඊට අදාළ සිතියම් පහතින්.




Post a Comment

0 Comments