ඇමරිකාවේ ටික්ටොක් තහනමක්...

 

ඇමරිකානු රජයට අයත් කිසිදු තාක්ෂණික උපාංගයක් ඔස්සේ ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලයට ඇතුළුවීම තහනම් කිරීමට එරට රජය සුදානම් වේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා එරට නීති සම්පාදකයන් මෙම තීරණය ගෙන තිබේ.


2023 සැප්තැම්බර් දක්වා ඇමරිකානු ෆෙඩරල් රජයට අරමුදල් සපයන වියදම් පනත පසුගියදා කොන්ග්‍රස් මණ්ඩලය හමුවේ සම්මත කෙරිණි.


එම වාර්තාවේ මෙම නව වාරණ පිළිබඳව සඳහන් වේ. ෆෙඩරල් රජයේ උපාංග ඔස්සේ ටික්ටොක් භාවිත කිරීම තහනම් කරන නීතියක් රජයේ නව ආර්ථික පැකේජයට ඇතුළත්ය.


ටික්ටොක් සමාජ ජාලය අයත්වන Byte Dance සමාගම සිය සේවකයන් යොදවා ටික්ටොක් පරිශීලකයින්ගේ හැසිරීම් රහසින් නිරීක්ෂණය කරන බව අනාවරණය වීමත් සමග ඇමරිකාව මෙම වාරණ නියෝගය පැනවීමට තීරණය කර ඇත.


මේ වසර මුලදි ද ටික්ටොක් සමාජ ජාලය හරහා ඇමරිකානු පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත රැස්කරන බවට Byte Dance සමාගමට චෝදනා එල්ල විය.

Post a Comment

0 Comments