හයදෙනෙකුට මරු කැඳවූ සුප් භාජනය...

 



නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ නිවසක පුද්ගලයින් 6දෙනෙකු හූනෙක් හේතුවෙන් මියගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ මව පියා දරු දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙකි.


එම නිවසෙන් කිසිදු ශබ්දයක් පිට නොවීම හේතුවෙන් අසල්වාසින් විසින් දොර කඩා නිවසට ඇතුළු වී කාමර පරීක්ෂා කිරීමේදී එක් එක් කාමරවල සිටි පුද්ගලයින් නින්දේදී මියගොස් ඇති බව දැක තිබේ.


අනතුරුව නයිජිරියානු පොලිසියට දැනුම් දී ඇති අතර, පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී එම පවුලේ උදවිය රාත්‍රී අහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයාගෙන ඇත.


මරණයට හේතුව එම හූනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Post a Comment

0 Comments