බස්නාහිර පළාතේ රෝහල් සඳහා හිඟ ඖෂධ පවතින ක්‍රමවේදයෙන් බැහැරව මිලදී ගැනීමට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අද (22) පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යි.
එහි දී ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභාව සමඟ එක්ව ඖෂධ හිඟය කළමනාකරණය කර ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර එහිදී විදුලි බිල්පත් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විදුලිය වැඩියෙන් භාවිත කරන අයගෙන් සිදුකරන අයකිරීම් වැඩිකිරීමටත්, අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයින්ගෙන් ගාස්තු අඩුවෙන් අයකිරීමටත් ක්‍රමවේදයක් සකස්කළ යුතු බවයි.

0 Comments