ලොව විශිෂ්ඨතම පාපන්දු සුපිරි තරුව වන පේලේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයනවිට පේලේ 82 හැවිරිදි වියෙහි පසුවිය.
පසුගිය නොවැම්බර් 29 වැනිදා ස්වසන අපහසුතාවක් හේතුවෙන් පේලේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලට ඇතුළත් කර තිබුණි.
එමෙන්ම පේලේ උදර පිළිකාවකින් පීඩා විඳි අයෙකි.
පසුගිය දිනවල වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ පේලේගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
පේලේ බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට සමත් විය.

0 Comments