පානදුර සිල්වන් පටුමගේ ඊයේ (30) රාත්‍රි වෙඩිතැබීමක් සිදුව ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි .
කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවත්, වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැති බවත් පොලිසිය කීය.
සැකකාර නීතිඥවරයා සහ ඔහු සමග පැමිණි තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, වෙඩිතැබීමට යොදාගත් මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවත්, පිස්තෝලය සදහා බලපත්‍රයක් තිබූ බවත් පොලිසය සදහන් කරයි.
වෙඩිතැබීම සිදුකර ඇති නීතිඥවරයාගේ හිතවත් කාන්තාවක විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණය මුදලක් ලබාදී ඇති අතර, එය නැවත නොගෙවීම නිසා ණය මුදල ලබාදුන් කාන්තාව තවත් කාන්තාවක සහ නීතිඥවරයා සමග පානදුර සිල්වන් පටුමගේ පදිංචි ණය ලබාගත් අයගේ නිවස වෙත පැමිණ තිබු බව පොලිසිය කියයි.
එහිදී දෙපිරිස අතර කතාබහක් ඇතිව ඇති බවත්, ප්‍රතිවාදී පිරිස නීතිඥවරයාට පහරදීමට සූදානම් වීමේදී ඔහු සගවාගෙන සිටී 9 එම් එම් වර්ගයේ ගිනි අවියෙන් අහසට වෙඩිතබා ඇති බවටත් මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.
නීතිඥවරයා පැමිණි සුඛෝපභෝගී ජීප් රථයට ද හානි සිදුව තිබූණි .
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර, වෙඩිතැබීම සිදුකල ස්ථානයේ වැටී තිබූ මිලිමීටර් 9 වර්ගයේ පතුරම් හිස් කොපුවක් සොයාගත් බවද පොලිසිය කීය.
සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
0 Comments