ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර ක්‍රිකට් තරගාවලිය ජනවාරි මාසයේ...

 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර 20/20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් ජනවාරි 3 වෙනිදා ආරම්භ වීමට නියමිතය.


ඉන්දියාවේ දී මෙම තරගාවලිය පැවැත්වෙන අතර, ඊට පන්දුවාර 20/20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් ය.


තරගාවලිය සඳහා නායක රෝහිත් ශර්මා සහහභාගී නොවනු ඇති බවට වාර්තා වේ.


ආබාධයක් හේතුවෙන් ඔහු පසුගිය බංග්ලාදේශ සංචාරයට ද සහභාගී වුයේ නැහැ.


මේ අතර ඉන්දීය කණ්ඩායමේ කේ.එල්. රාහුල් ද සංචිතයෙන් ඉවත් කරනු ඇති බව ද වාර්තා පළ වේ.


ආසියානු කුසලාන තරගාවලිය ඇතුළු තරග 16කදී අර්ධ ශතක 6ක් පමණක් ලබා තිබීම මත එම තීරණය ගැනීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Post a Comment

0 Comments