ලෝකවාසි සැමට සුබ නත්තලක්...

 

සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි.


ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් උපන් දිනය සමරයි.


දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අප ද අද මේ දිනය සැමරුමට සුදානම්.


උතුරු - දකුණු, බටහිර - නැගෙනහිර කියා හෝ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියා හෝ බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, ඉස්ලාම් කියා හෝ කිසිදු බේදයක් නොමැතිව රටට, සාමය සෞභාග්‍ය උදාවේවායි එක් සිතින් ප්‍රාර්ථනා කරමින් ප්‍රීතිමත් නත්තල් දිනක් සැමැරීමට සියලුදෙනා අධිෂ්ඨාන කරගෙන සිටින බව නොරහසකි.


එමෙන්ම කිතුනු බැතිමතුන් අද (25දා) දවස පුරා නත්තල උත්සවාකාරයෙන් සමරන අතර විශේෂ නත්තල් දේව මෙහෙයන්ද දිවයින පුරා කිතුනු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.


ලෝකවාසී සැමට සාමය සතුට පිරුණු සුබ නත්තලක් වේවා

Post a Comment

0 Comments