ලබන වසරට (2023) අදාළව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව භාර ගෙන තිබෙන පෙළපොත් මුද්‍රණ කටයුතු ප්‍රමාද වන තත්ත්වයක් ඇති වී තිබේ.
සමස්ත පොත් අවශ්‍යතාවෙන් සියයට හතළිස් පහක් සංස්ථාවට භාර දීමට තීරණය කළේ කැබිනට් මණ්ඩලයය.
සංස්ථාව පොත් මුද්‍රණය භාර ගත්තේ ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ කඩදාසි ඇතුළු ද්‍රව්‍ය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.
මේ දක්වා එම වැඩසටහන යටතේ අවශ්‍ය ද්‍රව්‍ය නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
ලබන මාසය ඇතුළත එම ද්‍රව්‍ය ලැබීමට නියමිත බවත් ගණිතය , විද්‍යාව, ඉංග්‍රීසි වැනි ප්‍රධාන විෂයයන්වලට අදාළ පොත් කලින් මුද්‍රණය කරන ලෙසට සංස්ථාවට දැනුම් දුන් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සංස්ථාව භාර ගෙන ඇති සියලු පොත් මාර්තු මාසය වන විට මුද්‍රණය කිරීමට නොහැකි වනු ඇතැයි ද එම ප්‍රකාශකයා කීවේය.
ඉතිරි සියයට පනස් පහ භාර ගෙන තිබෙන පෞද්ගලික අංශයේ ආයතන මේ වන විට මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති අතර ලබන සතියේ සිට එම පොත් දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත ය. පොත් මුද්‍රණය සඳහා මෙවර වැය කෙරෙන මුදල රුපියල් කෝටි එක්දහස් හයසියයකි.
නව වසරේ පළමු පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ මාර්තු මස අවසානයේය.

0 Comments