වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්...

 

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දී තිබේ.


කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.


* වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා "ආයෝජක වීසා" කාණ්ඩය


* සේවා නියුක්තිකයින් වෙනුවෙන් "සේවා නියුක්ත වීසා" කාණ්ඩය


*කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා "සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු" වීසා කාණ්ඩය

Post a Comment

0 Comments