ට්‍රක් වල සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් මාට්ටු...

 

නීතිවිරෝධි ලෙස රුමේනියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශසීමාවේදී පරීක්ෂා කිරිමේදී එහි සැඟවී සිටියදී අදාළ සංක්‍රමණිකයින් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.


ඉන් එක් ට්‍රක් රථයක් පරීක්ෂා කිරිමේදී එරිත්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයින් 17 දෙනෙකු සොයාගෙන තිබේ.


අනෙක් ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී එහි ශ්‍රී ලාංකිකයින් සහ පාකිස්තාන ජාතිකයින් 11 දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවද වාර්තාවී ඇත.


ඔවුන් අවුරුදු 21ත් 42ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන් ය.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද එරට පොලීසිය සඳහන් කර තිබේ.

Post a Comment

0 Comments