ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබාදී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
අවශ්‍ය වෙනස්කම් සිදුකර ඉදිරියේදී පාසලෙන් පිට වන දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත්ව වැඩිපුර පුහුණු / අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙලක් සකස් කෙරෙනු ඇත.
නිවාඩු අඩුකර වැඩියෙන් වැඩකර ලබන දෙසැම්බර් මාසය වනවිට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

0 Comments