යුද හමුදාවෙන් ජනපතිට බෑගයක්...

 



ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යාම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් යුද හමුදාව නිෂ්පාදනය කර තිබේ.

එම බෑගය ජනාධිපතිවරයාට නිල වශයෙන් භාරදීම අද (02) සිදුවුණේ ජනාධිපති කාර්යාලයේදීයි.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වනවිට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදායකි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එවැනි බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත්තේ මෙම සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අරමුණිනි.

Post a Comment

0 Comments