බන්ධනාගාරයේදී තමන්ට සිදුවුණු දේවල් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි අද (27) මාධ්‍ය ඉදිරියේදී කරුණු අනාවරණය කළාය.
ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය අද බන්ධනාගාරයෙන් මුදාහැරි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ඒ බව පැවසීය.
එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ තිළිණි ප්‍රියමාලි,
"මම ඉතාම හොඳින් ඉන්නවා. ඉතාමත් විවේකි සුවයෙන් මම බන්ධනාගාරය ඇතුළෙදී සිටියා. මගේ සුවය ගැන කියනවා නම් මම හොඳන් හිටියා. මම රෝගී තත්ත්වයෙන් ඉන්නවා කියලා වාර්තා වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ."
මුදල් වංචා කියන නඩුවට අද මම ඇප මත නිදහස්වෙලා යන්නේ. ඉතින් මෙවැනි නඩු ලංකාවේ ගොඩක් තියෙනවා.. මම දන්නා තරමින්. නඩු ගොඩකට ඇප අරගෙන යනවා සහ මෙවැනි නඩු ගොඩක් අධිකරණයේ විභාග වෙනවා. මටත් එවැනි නඩුවක් තිබුණේ. ඉතින් එවැනිම නඩුවක් තිබිලා මම දන්නේ නැහැ. ඇයි මාව මේ තරම් ප්‍රසිද්ධ වුණේ කියලා. මම හිතන්නේ මාස දෙකහමාරක් පුරාවටම මාධ්‍යයෙන් මේවා වාර්තා කළා."
"B වාර්තාවකින් මාව ඉස්සෙල්ලාම රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොටම මම වැරදි කාරයෙක් සහ මට දඬුවම් දීලා. කරන්න තියෙන සියලුම දේවල් ටික කරලා ඉවර වුණා මාධ්‍යයෙන්. නමුත් මට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියන එකේදී ලොකු අසාධාරණයක් සිද්ධ වුණා."
"ගනුදෙනු කරපු අය මා එක්ක තරහයි නම් ඒ අය කවදාවත් මම හොඳයි කියලා කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ හැම දේම අධිකරණයේ තියෙන නඩු කටයුතු. මම තවම ඇප මත නිදහස්ව ඉන්න කෙනෙක් මිසක් නඩුවෙන් නිදහස් වුණා නෙමෙයි."

0 Comments