රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේකයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව 2023 දී රාජ්‍ය නිලධාරීන් සඳහා 4000ක උපරිමයකට යටත්ව මෙම අත්තිකාරම් ගෙවීම කරන ලෙසයි සියලු ම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
2015 දෙසැම්බර් 29 දිනැති චක්‍රලේඛයේ විධි විධානයන්ට අනුව එම අත්තිකාරම් ගෙවීමට සඳහා කටයුතු කරන ලෙස ආයතන ප්‍රධානීන්ට ඇනුවත් කර සිටින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දින සම්පූර්ණ කළ යුතු බවයි.
එසේ ම 2023.02.28 න් පසු කිසිදු ගෙවීමක් නොකළ යුතු බවත් මෙම අත්තිකාරම් මුදල වසර 2023 ඇතුළත සම්පූර්ණයෙන්ම අයකර ගත යුතු බවත් අදාල චක්‍රලේකයේ සඳහන් වනවා.
0 Comments