දරුවෙකු පැහැරගත් බවට පොලීසියට පැමිණිල්ලක්...

 

එප්පාවල ප්‍රදේශයේදී කුඩා දරුවෙකු පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.


මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ එප්පාවල කිරලෝගම ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 9හැවිරිදි වියේ පසුවන කුඩා දරුවෙකි.


දරුවාගේ මව පවසන්නේ ඊයේ (19) රාත්‍රියේ සිට තම දරුවා අතුරුදන්ව ඇති බවය.


තම නිවසට නිතර පැමිණි අයෙකු මෙම දරුවා රැගෙන යන්නට ඇති බවට සැකපළකරන බවද දරුවාගේ මව පවසයි.


ඉහත ඡායාරූපයේ දැක්වෙන දරුවා පිළිබඳ තොරතුරක් වෙතොත් එප්පාවල පොලිස් ස්ථානයේ දුරකථන අංක 025-2249122 වෙත දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටී.


එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment

0 Comments