එප්පාවල - කිරලෝගම - ගැටදිවුල ප්‍රදේශයේදී අතුරුදන් වූ, නව හැවිරිදි පිරිමි දරුවා හමුවූ රිකිල්ලගස්කඩ - ජෝන්ස්ලන් වතුයායේ නිවසේ 35 හැවිරිදි පුද්ගලයෙකු එම සිද්ධියට ආධාර අනුබලදීම සහ නවාතැන් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ එප්පාවල පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශන අනුවයි.
මෙම දරුවා ළගින් ඇසුරුකළ විදුලි කාර්මික ශිල්පියාගේ මිතුරෙකුගේ නිවසක සිටියදී අදාළ දරුවා සොයා ගැණුනු අතර එහිදී අදාළ විදුලි කාර්මිකයා ද එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අදාළ සිසුවා පසුගිය 19 වනදා රාත්‍රියේ සිට අතුරුදන්වූ බවට මව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.
දරුවා මේ වනවිට අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති අතර, පසුව ඔහු සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 Comments