තියුණූ ආයුධවලින් පහර කෑ අයෙක් කඩුවෙලින් හමුවෙයි...

 

කඩුවෙල, වැලිවිට, වැලිපිල්ලෑව, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී, ගෙල ප්‍රදේශයට වෙඩි වැදී සිටි පුද්ගලයකු හමු වී තිබේ. 


අද(26) උදෑසන මල් කැඩීමට ගිය අයෙකු අදාල පුද්ගලයා වැටී සිටිනු දැක රෝහල් ගත කර තිබුණි.  


බරපතළ තුවාල ලද පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.     


මේ වනවිට අදාල පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබයි.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Post a Comment

0 Comments