පුරන් කුඹුරු රජයට පවරා ගැනීමේ සූදානමක්...

 

පුරන් කුඹුරු අක්කර 14,000ක් ලබන වසරේදී රජයට පවරාගෙන වගා කිරීමට තීරණය කර තිබේ.


ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.


ඒ අනුව මාතලේ, නුවරඑළිය, වව්නියාව, කුරුණෑගල මන්නාරම, පුත්තලම හා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල වසර පහක් තිස්සේ වගා නොකළ කුඹුරු අක්කර 2774ක් හා ඉතිරි දිස්ත්‍රික්කවලින් තෝරාගත් පුරන් කුඹුරු අක්කර 11,256ක් ඇතුළත්ව අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට තීරණය කර ඇත.


ලබන වසරේ දී මෙම දිස්ත්‍රික්ක අට පුරන් කුඹුරු නොමැති දිස්ත්‍රික්ක බවට පත් වෙනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

Post a Comment

0 Comments