කිලිනොච්චිය පුනරීන් පොලිස් වසමට අයත් ඉරනෙයිමාතා නගර් ප්‍රදේශයේදී යුදහමුදා නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසී රාත්‍රී කාලයේ ගෙවල් කොල්ලකෑම්හි නිරත අයෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදීමට පියවර ගෙන ඇත.
කොල්ලකරු විසින් යුදහමුදා නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසී තියුණු ආයුධ සමගින් ඉරනෙයිමාතා නගර් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී රන්භාණ්ඩ කොල්ලකන අවස්ථාවේදී නිවෙස් හැමියා දැක කොල්ලකරු අල්ලාගෙන ඇත.
එහිදී නිවෙස්හිමියා උදව් ඉල්ලා කෑගසන අවස්ථාවේදී කොල්ලකරු අතැතිව තිබූ තියුණු ආයුධයකින් නිවෙස් හිමියාට පහරදී පලායාමට උත්සහ දරන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් කොල්ලකරු අල්ලා ඇති අතර එම අවස්ථාවේදී කොල්ලකරු යුදහමුදා නිලඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී තියුණු ආයුදද සමගින් සිට ඇත.
කොල්ලකරුගේ පහරදීමෙන් තුවාල ලැබූ නිවෙස් හිමියා රෝහල්ගත කොට ඇති අතර කොල්ලකරු පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් මුලංකාවිල් පොලීසියට දැනුම් දී පොලීසියට භාරදීමට පියවර ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් කොල්ලකරු ඉරනෙයිමාතා නගර් ප්‍රදේශයේම පදිංචි අයෙකු වන අතර ඔහු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මුලංකාවිල් පොලීසිය වැඩිදුරටත් පැවසීය.


0 Comments