පේරේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති CID අත්අඩංගුවට...

 

වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මහනුවර උසාවිය අසලදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ව පැහැරගෙන ඇති බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර පවසයි.


අද (29) විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ඔහු ඒ බව පැවසීය.


සිද්ධිය සම්බන්ධයෙන් අද දෙරණ කළ සොයාබැලීමකදී වාර්තා වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවය.


ඒ අනුව සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා විය.

Post a Comment

0 Comments