පොහොට්ටුවට ඡන්ද ලක්‍ෂ 10ක්වත් නෑ.. අපි ඡන්දය දිනනවා..

 


පළාත් පාලන මැතිවරණයේදි දිවයිනේ සියළුම පළාත් පාලන ආයතන වලට සමගි ජන බලවේගය තරග කරන බවත්, ඒ අතරින් ඇතැම් පළාත් පාලන ආයතනවලට සන්ධාන ගත වි සහ ඇතැම් පළාත් පාලන ආයතන වලට තනිව තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් සහ පා.ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසිය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ (04) දින නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ

පළාත් පාලන පනතට අනුව මාර්තු මස 20 දිනට ප්‍රථම පළාත් පාලන මැතිවරණයක් පවත්වලා සභිකයින් තොරාපත් කරන්න ඕනි.

මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙනවා, තේරිම් භාර නිලධාරින් අදාල දිස්ත්‍රික්ක වල ගැසට් පත්‍ර නිකුත් කරන්න කටයුතු කරලා තියෙනවා.

සමගි ජනබලවේගය හැටියට අපි දිගින් දිගටම මේ මැතිවරණය පවත්වන්න කියලා කියා සිටියා, නමුත් මේ ආණ්ඩුවත් , ජනාධිපතිවරයත් මැතිවරණවලට බයේ ඉන්නේ.

සිමා නිර්ණ කමිටු පත්කරා , නිතිපතිගේ උපදෙස් දෙන්න පටන් ගත්තා , මැතිවරණ කල් දමන්න නොයෙක් උප්පරවැටිට යොදවලා තියෙනවා.

අපිට ආරංචි නඩුවකුත් දලා තියෙනවා මැතිවරණය කල් දමන්න කියලා , මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් , මැතිවරණයකට වියදම් වෙන්නේ බිලියන 7 ක වගේ ප්‍රමාණයක්.

සිනි බදු වංචාවෙන් පමණක් රජයට බිලියන 35 ක පාඩුවක් සිදු වෙලා තියෙනවා.

සමගි ජනබලවේගය හැටියට මැතිවරණයට ඉල්ලුම් පත් කැදවන්න පටන් ගත්තේ කාලයකට ප්‍රථම සිට , ලැබි තියෙන ඉල්ලුම් පත් වලට සම්මුඛ පරික්ෂණය සිදු කරමින් යනවා.

සියළු ප්‍රාදේශිය සභා , මහ නගර සභා , නගර සභා සදහා තරග කරන්න කටයුතු කරමින් ඉන්නවා , ලංකාවේ තියෙන සියළුම පළාත් පාලන ආයතන වලටම අපි තරග කරනවා.

විශාල පිරිසක් අද සමගි ජනබලවේගය වටා එක් වෙනවා , පොදු ජන පෙරමුණෙන් දිනපු අයත් අපි සමග එකතු වෙන්න කටයුතු කරමින් ඉන්නවා.

3% ක් 4% ගත්ත සමහර පක්ෂ මැතිවරණ වලට යන්න බයයි , මොකද ඒ අයගේ සැබැ ජන්ද ප්‍රතිශතයට රටට හෙලි වෙන නිසා.

රටේ තිබෙන අලුත්ම පක්ෂයට හැටියට අපි විපක්ෂයේ මිත්‍ර පක්ෂ සමග සන්ධාන ගත වෙලා මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා.

රටේ ජනතාව දැඩි පිඩාවෙන් ඉන්නේ , පොහොර නැති නිසා ගොවියා අසරණ වෙලා , ඉන්ධන නොමැති නිසා ධිවරයා අසරණ වෙලා, රැකියා ලක්ෂ ගණනක් නැති වෙලා තියෙනවා.

විදුලි බිල යලිත් වැඩි වෙලා තියෙනවා , ජනතාවට ජිවත් විය නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.

රටේ ජනතාවගෙන් ලක්ෂ 65 ක් ආහාර අහේනියකට මුහුණපාලා තියෙනවා , මන්දපොෂණය වැඩි වෙලා ළමුන් පාසල් යවා ගන්න බැරි වෙලා තියෙනවා.

මේ හේතුන් නිසා පොදු ජන පෙරමුණේ ජන්ද පදනම සම්පුර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා.

ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් තරග කල සජිත් ප්‍රේමදාස මහතා ජන්ද ලක්ෂ 55 ක් ලබා ගත්තා , අනෙකුත් අය ලක්ෂ දෙක තුන ලබා ගත්තා , පොදු ජන පෙරමුණ ලක්ෂ 69 ලබා ගත්තා නමුත් දැන් ජන්ද ලක්ෂ දහයකට දොලහකට බැහැලා තියෙනවා.

අනිවාර්යෙන්ම අපි මේ මැතිවරණය දිනනවා , එවිට පාර්ලිමේන්තු සංයුතිය වෙනස් වේවි , 20 වෙනි සංශෝධනයේදි ජන්ද 157 ක් තිබුණා , ජනාධිපතිවරයා තොරද්දි ආණ්ඩුවට තිබ්බේ ජන්ද 134 යි , පසුගිය අයවැයේදි තිබුණේ ජන්ද 123 යි.

ජාත්‍යන්තර සංවිධාන ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා, හොරකම දුෂණ දිගින් දිගටම යනවා , රටේ ආර්ථිකය දියුණු කරන්න කටයුතු කරලා නැ.

අපි මේ මැතිවරණය දිනලා මේ අවුරුද්දේ මහ මැතිවරණයක් පවත්වලා ජයගෙන රට නව මාවකට ගෙන යන්න කටයුතු කරනවා.

මැතිවරණය පවත්වන්න ඕනි කියලා අපි විරුද්ධ පක්ෂ සියල්ල එක්ක එකට අධිකරණය ගිහින් තියෙනවා, අධිකරණ කිව්වේ මැතිවරණ කොමිසම විසින් මැතිවරණ ප්‍රකාශයට පත් කරලා තියෙනවා , එහෙම නොවන හොත් (18) දින මෙය විභාගයට ගන්නවා කියලා.

මැතිවරණයක් කල් දාන්න අධිකරණයෙන් තින්දු දිලා නැ , මැතිවරණයක් කලින් පවත්වන්න අවසර දිලා තියෙනවා.

අපි නියෝජිතයන් පත් කරලා , ගම් පුරා ශාඛා පිහිටවලා ලක්ෂ ගණන් සමාජිකයන් බදවාගෙන.

වෘත්තිය සමිති , තරුණ සංගම් පිහිටවලා සියළුම කටයුතු සුදානම් කරලා තියෙන්නේ.

අද ගෙදරකට ගිහින් ජන්දයක් ඉල්ලන්න පුළුවන් සමගි ජන බලවේගයට පමණයි.

සමහර තැන් වල අපි සන්ධානගත වෙලා තරග කරනවා , ඇතැම් ස්ථාන වල තනිවම තරග කරනවා යනුවෙන් පැවසිය.

Post a Comment

0 Comments