ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය විනාශ කිරීමට ගෙන එන ලද ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
පසුගිය මැයි මාසයේ ඇතිවූ අරගලකාරී තත්වයේදී තමන් අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ ගිනි අවි දෙකක් සහිතය බව ද හෙතෙම කියා සිටියි.
යම් හෙයකින් අරගලකරුවන් මහින්ද රාජපක්ෂ මහතාට හිරිහැරයක් කරදරයක් කරන්නට උත්සාහ කළේ නම් සීයකට වුවත් වෙඩි තබා දමන බවද හෙතෙම අවධාරණය කරයි.
එදා අරගලකරුවන් තමන්ව බේරේ වැවට දැමීමට කටයුතු කළේ නම් පහලවක් විස්සක් ස්ථිර වශයෙන්ම මිය යනු ඇති බව ද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.
ඔහු මෙම අදහස් පලකරන්නේ ඉරාජ් වීරරත්න සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.
0 Comments