2022 රුපියල 44.8%කින් අවප්‍රමාණය වෙයි...

 



2022 වසරේ දෙසැම්බර් 30 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


අනෙකුත් විදෙස් ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝවලට සාපේක්ෂව සියයට 41.4කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 38.6කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 38.1කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 36.4කින් අවප්‍රමාණය වී ඇත.


ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.


Post a Comment

0 Comments