ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් අද (23) දින මහා භාණ්ඩාගාරය වෙත එකවර රුපියල් බිලියන තුනක මුදලක් ලබා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් කටයුතු කර තිබේ.
මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මෙයට පෙර ඉතිහාසය පුරා මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියිල් බිලියන තුනක් ලබා දෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.
රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබද සැලකිල්ලට ගෙන මෙම මුදල ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පසුගිය වසරේ දී ලබාගෙන ඇති මෙහෙයුම් අතිරික්තයෙන්.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට මිලියන 500ක් ප්‍රදානය කරන අතර එයින් මිලිය 100ක් මේ වන විට ලබා දී තිබේ.

0 Comments