ව්‍යවස්ථාදායක සභාවේ රහස්‍යභාවය තමන් කඩන බව සජිත් කියයි..

 


ව්‍යවස්ථාදායක සභාවේ රහස්‍ය භාවය රැකීමට පොරොන්දු වුවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායක සභාවේ අනීතික ක්‍රියා අනුමත කළ නොහැකි හෙයින් එම තීරණ ජනතාව හමුවේ හෙළි කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

එසේ ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකුට මරණ තර්ජන එල්ල කළ නිසා නිවෙස්වලට පොලිස් ආරක්ෂාව පවා ලබා දී ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායක සභාව මැතිවරණ කොමිසමට අපේක්ෂකයන් බඳවා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් එය මාර්තු 9 වැනිදායින් පසු සිදු කරන ලෙස ඉල්ලා සිටි බවත් මෙය මැතිවරණ කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට තව තවත් දේශපාලන කුමන්ත්‍රණවල නියැලී මැතිවරණය කඩාකප්පල් කිරීමට අවස්ථාව ලබා දීමත් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රිස් නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සහ සෙසු අපේක්කයන් සමඟ සර්ව ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබා ගෙන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය,මහ පල්ලිය මුස්ලිම් දේවස්ථානය,කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය,සහ මයුරපති කෝවිල ඇතුළු ආගමික සිද්ධස්ථානවලට අද පෙරවරුවේ විපක්ෂ නායකතුමා පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

රටේ ව්‍යවස්ථාදායක සභාව ජනතා පරමාධිපත්‍ය සහ සෛරීත්වය ආරක්ෂා කිරීමට මිස උල්ලංඝනය කිරීමට නොවන බවත් මේ අවස්ථාවේ කිසි ලෙසකින් මැතිවරණ කොමිසමට අයදුම් පත් කැඳවීම මේ අවස්ථාවේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාදායක සභාවේ රහස්‍ය භාවය රැකීමට පොරොන්දු වුවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායක සභාවේ අනීතික ක්‍රියා අනුමත කළ නොහැකි හෙයින් එම තීරණ ජනතාව හමුවේ හෙළි කරන බවද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අධිකරණය විසින් පාලන තන්ත්‍රය මෙහෙයවීමේ දී රටේ වැරදි කරන අයට සිවිල් නීතිය යටතේ දඩුවම් ලබා දීමට කටයුතු කර ඇති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සිවිල් නඩු තීන්දුව එයට කදිම උදාහරණයක් හෙයින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් මෙවැනි අනීතික ක්‍රියා සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව ද නීතිය හමුවට යන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Post a Comment

0 Comments